"பணம் இருந்தால் உனக்கு உலகைத் தெரியாது. பணம் இல்லாவிட்டால் உலகுக்கு உன்னைத் தெரியாது. இதுதான் உலகம்."

15 April 2013

සිංහල ජනතාව සමග විනාඩි කීපයක්...

සිංහල බෞද්ධ ජනතාවනි!

ඔබලා අපගේ අය්යලා බව කියවුනි; අපි මල්ලිලා බව සිතුවෙමු; ඔබලා අපට බිරියන් ලබාදුන් බව කියවුනි; අපි ඥාති සම්බන්දතා පැතුවෙමු; ‘මෙය සිංහල රටක් බව ඔබලා කීවත් රට බෙදා වෙන්කරලා අපටත් කොටසක් දෙන්නැයි කියා අප කිසිවිටකත් නොඉල්ලූවෙමු. ඇතැම් ආගමික විශ්වාසයන්, වත් පිළිවෙත් හා අපගේ භාෂාව හැර අන් කිසි දෙයකින් අපව ඔබලාගෙන් වෙන්කර නොදක්වයි.

තත්ත්වය මෙසේ තිබියදී, ඔබලාගෙන් පිරිසක් ක්‍ෂණිකව නැගී සිට, සියළුම මුස්ලිම්වරුන්ටම චෝ දනා පනවා විත්ති කූඩුවෙහි තබන්නෙහුය. මුස්ලිම්වරුන් ජාතිද්‍රෝහීන් ලෙසත් ස්පර්ශ නොකළ යුතු අය ලෙසත් කොන්කරති; විවේචනයට භාජනය කරති. සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් සමග අපට කිසිම ප‍්‍රශ්නයක් නැතැයි ඔවුන් විටින්විට පැවැසුවද, මුස්ලිම්වරුන් වෙත දෝෂාරෝපනය නැඟීමේදී හා විවේචනය කිරීමේදී මුස්ලිම් නමින් සිටින සියළු දෙනා ඉලක්ක කරගනිති.

සිංහල ජනතාවනි!

මුස්ලිම්වරුන් ඔබ සමග ජීවත්වූ ආකාරය මෙහිදී කීමට අවශ්‍ය වන්නේ නැත. එය කීමට දහස් ගණනින් වූ සිංහල ජනතාව සැදී පැහැදී සිටිති.

බෙදා වෙන්කර පාලනය කිරීමේ කූට උපක‍්‍රම ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයන් ශී‍්‍ර ලංකාවට නිදහස ලබාදීමේදී මුස්ලිම් ප‍්‍රජාව සිංහලයන්ගෙන් බෙදා වෙන්කර තැබීමට ප‍්‍රයත්න දැරූහ. එදා සිටි මුස්ලිම් නායකයෝ එය අනුමත නොකළහ. උතුරේ ජීවත්වූ 80,000 කට අධික මුස්ලිම්වරුන් ඇඳිවත සමග පමණක් කොටි ත‍්‍රස්ථවාදීන් විසින් පැය දෙකකින් පන්නා දමන ලදී. උතුරේ මුස්ලිම්වරු කොටින් සමග එක්වී බෙදුම්වාදය පිළිගත්තේ නම් ඔවුනට මෙම අසරණ තත්ත්වය උදානොවන බව සිංහල ජනතාව නොදන්නවා නොවේ.
මුස්ලිම් සිංහල එකමුතුව මුස්ලිම් විරෝධීන් රූස්සන්නේ නැති බව මගේ අදහසයි. ඔවුන්ගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ එදිරිවාදිකම් වැපිරීමය. මනඃකල්පිත කථා මගින් හෝ විරෝධාකල්ප පැතිරවීම මගින් හෝ ඔවුනට සතුටක් ලැබෙන බව පෙනේ.

සිංහල ජනතාවනි!

ඔබෙන් පිරිසක් වෙනස් වූයේ මන්ද? යන්න අපට තවමත් ප‍්‍රහේලිකාවකි. මෙහි පසුබිම ගැන එසේය මෙසේය කියා ඇතැමුන් නොයෙකුත් කථා පතුරුවති. ඉතා හිතවත් එමෙන්ම යහපත් පසුබිමක් ඇතැයි අපි මොහොතකට සිතමු. මුස්ලිම් විරෝධී ප‍්‍රවනතා ඉදිරිපත් කරන්නන් කියන්නාවූ හේතුම මෙහි පසුබිම යැයි මඳකට සිතමු.

සිංහල ජනතාව මෙරටේ අසරණ වී සිටිති; ඔවුන් පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට කවුරුන් හෝ නොමැත;ඔවුන්ව ආරක්‍ෂා කළ යුතුය; බෞද්ධ ධර්මයත් ආරක්‍ෂා කළ යුතුය; බොදු බල සේ නාව වැනි ව්‍යාපාර බිහිවන්නේ ඒ වෙනුවෙනි.

කිසියම් ජාතියක් තමන් සහ තමන්ගේ ආගම ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ලෝකයේ තවත් කොටසකට විරුද්ධ විය හැකිද? මෙම යහපත් කටයුත්ත අද නොව බොහෝ කලකට පෙර සිටම ආරම්භ කරන්නට තිබුණා නොවේද?. කෙසේ වෙතත් අද හෝ මෙම කර්තව්‍ය කිරීමට ඔවුන් ඉදිරිපත් වී සිටිති. ඔවුන්ට අපගේ සුභපැතුම්.

සිංහල ජනතාවනි!

මෙම යහපත් කර්තව්‍ය අයහපත් කාර්යයකින් ආරම්භ කරන්නේ මන්ද? සිංහල ජාතියත් බෞද්ධ ධර්මයත් ආරක්‍ෂා කිරීමේදී මුස්ලිම්වරුන් සමග ආරවුලට යන්නේ කුමක් නිසාද? මුස්ලිම් ජාතිකයින් බෞද්ධ ධර්මයට හෝ සිංහල ජාතියට විරුද්ධව කිසිම ප‍්‍රයත්නයක යෙදුනේ නැත. සිංහල සුළු පිරිසක් අන්තර්ජාලය භාවිතා කරමින් ඉස්ලාම් ධර්මයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව දියත්කර ඇති අමානුෂික, නින්දිත, පහත්, මානව ධර්මයට නුසුදුසු මඩ ප‍්‍රචාරවලින් දාහෙන් එකක්වත් සිංහලයන්ට බෞද්ධයන්ට විරුද්ධව මුස්ලිමුන් ප‍්‍රචාරය කර තිබේද?.

මුස්ලිම් විරෝධී රැල්ලක් ඉදිරියට ගෙනයන අය මේ දේවල් නොදන්නවා නොවේ. ඔවුන් මුස්ලිම්වරුන් දෙකට බෙදා සාම්ප‍්‍රදායික මුස්ලිම් යැයි කොටසකට නමක් තබා ඔවුන් නම් හොඳයි යන්න විටින් විට කියන්නේ තමන්ගේ හෘදසාක්‍ෂිය සනසා ගැනීමටයි. එහෙත්, විරුද්ධවීමේදී මෙම සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් ඔවුන්ගේ මතකයට එන්නේ නැත.

සිංහල ජනතාවනි!

මෙම ප‍්‍රවනතාවය තවදුරටත් ඔබ අනුමත කරන්නේ නම් ඔබ කිසියම් මානසික පරාජයකට හෝ අසහනයකට පත්වීමට ඉඩ තිබෙන බව ඔබ තේරුම් ගත යුතුය.

යහපත් මිනිසුන්ට විරුද්ධව සටන් කිරීම යනු මානසික පරාජයකි. අයහපත් මිනිසුන් සමගින් අත්වැල් බැඳගැනීමද මානසික පරාජයකි. මෙවැනි පරාජයන් යුධ පරාජයට වඩා දරුණුය.

කොටි ත‍්‍රස්ථවාදීන්ට එරෙහි යුද්ධයෙන් ඔබ අප ජයගත්තෙමු. එයින් සන්නද්ධව පමණක් නොව මානසික වශයෙන්ද බලය වඩවාගැනීමටද සමත් වුයෙමු. එම සටනේදී ඔබ සමග අත්වැල් බැඳගෙන සිටි මුස්ලිම්වරුන්ට විරුද්ධව ඔබ අද කරන සටනින් පරිපාලන වශයෙන් හෝ බලය අතින් ඔබට ජයගත හැකිය. එම ජයග‍්‍රහණය මානසික වශයෙන් ඔබට විශාල පරාජයක් අත්පත් කරදෙනු ඇත.

තවද, ඔබේ අඩන්තේට්ටම් දරා ගැනීමට අපොහොසත්වන මුස්ලිම් තරුණයින්, අනාගතයේ දී කොටි ත‍්‍රස්ථවාදය පෝෂණය කළවුන්ගේ අතකොලූ වීමට ඉඩ තිබේ. එවිට අපට තවත් හිසරදයක් ඇතිවිය හැකිය. එවැනි හිසරදයන් රටට දායාද කිරීමට මුස්ලිම් නායකයින් කිසිසේත් සූදානම් නැත. එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ කපටිකම් ඇතැම් විට ජයගත හැකිය.

සිංහල ජනතාවනි!

මෙවැනි දුර්වල ඉලක්කයක් කරා සිංහල ප‍්‍රජාවට මග පෙන්වනවාද? සත්‍ය වශයෙන්ම සිංහල සමාජය ආරක්‍ෂාකිරීමේ මාර්ගය මෙය නොවේ. බාල පරපුරේ සිත් සතන් තුළ ක්‍රෝධය හා වෛරය පතුරුවන්නේ ඇයි?බොරු බේගල් මුදාහරින්නේ ඇයි. ඉතිහාසය වෙනස් කරන්නේ ඇයි? ඉස්ලාමය හා ඉස්ලාමීය සංස්කෘතිය මානුෂීය ගුණාංගවලින් ඔබ්බට ගොස් පිලිකුල් සහගත ආකාරයෙන් විවේචන කරන්නේ මක්නිසාද? මුහම්ම්ද් නබිනායක තුමාණන්, මක්කා පුරවරය, ශුද්ධවූ අල්-කුර්ආනය සමාජ වෙබ් අඩවිවල පහත් අන්දමින් පෙන්වීමට තැත් කරන්නේ ඇයි? සමස්ථයක් වශයෙන් සාමාන්‍ය මිනිස් බුද්ධිය පවා අනුමත නොකරන ආකාරයෙන් නීච ප‍්‍රචාරවල යෙදෙන්නෝය.

මුස්ලිම්වරුන්ට අයත් වෙළඳසැල්වලින් භාණ්ඩ මිළදී ගන්නට එපා. ඔවුන් මිනිස් ශරීරවලට හානි පමුණුවන දෑ විකුණති. ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන්න එපා. ඔවුන් කුමන්ත‍්‍රණකාරයින්. ඔබට විරුද්ධව දිවයින පුරා කෝලාහලයන් දියත් කිරීමට අරඅදින්නන් වශයෙන් මුස්ලිම් ප‍්‍රජාව සිහිනෙන් පවා නොසිතන කරුණු ගොතා බොරු ප‍්‍රචාරවල යෙදී සිටින බෞද්ධ භික්‍ෂූන් ඔබෙන් ඉතා සුළු පිරිසක් මෙම පිළිකුල් සහගත ක‍්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ බෞද්ධාගම සහ සිංහල ජාතිය ආරක්‍ෂා කිරීම ද?

නොමේරු ළමා මනස ඔබලා දූෂණය කරන්නේය. එම සිත්වල සහජ වර්ධනයට බාධාකරන්නේය. ඔබලා බලාපොරොත්තුවන ආකාරයට හෙට දිනයේ ඔවුන් මුස්ලිම් විරෝධී ප‍්‍රවනතාවයක් ගැනීමට හෝ නොගැනීමට පුළුවන. එහෙත් ඔවුන්ගේ මනසේ වැපුරූ ක්‍රෝධය, වෛරය, එදිරිවාදිකම ලෙහෙසියෙන් ඈත් වන්නේ නැත. එම සිතුවිලි තම සිත්වලින් ඉවත් කරමින් ජීවත්වන බව සිතිය නොහැකිය. ඔවුන්ගේ සිත් තුළ රෝපනය වූ විරෝධය, ක්‍රෝධය, ජාතිවාදය වැනි විෂ කාරකයන් ඔවුන්ගේ ජීවිත යහමගට ගෙනයන්නට උදව්වන්නේ නැත. ඔවුන්ගේ ඊළඟ පරපුර දක්වා එම තත්ත්වය බලපැවැත්වීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයකදී යහපත් ජීවන රටාවක් අනුගමනය කළ නොහැකි දුස්සමාහිත හා ආතතියෙන් යුත් සිංහල ප‍්‍රජාවක් තමයි ඔබ උදා කරනු ඇත්තේ. මෙය ඔබ බෞද්ධාගම හා සිංහල ජාතිය ආරක්‍ෂා කිරීමට කරන සේවයක් විය හැකිද?.

බෞද්ධ ධර්මය හා සිංහල ජාතිය සැබෑ වශයෙන්ම ඔබ ආරක්‍ෂා කිරීමට උනන්දු වන්නේ නම් ඒ සඳහා ඕනෑ තරම් කි‍්‍රයාමාර්ගයන් ඇත. එම යහපත් කි‍්‍රයාමාර්ගයන් අවබෝධකර ගැනීමට අවශ්‍ය විඥානය වර්තමාන සිංහල සමාජයට ඇත්තේ යැයි මම සිතමි.

සිංහල ජාතිය හා බෞද්ධ ධර්මය ආරක්‍ෂා විය යුතු බව එම ජාතිය සමග සැබෑ මිත‍්‍රශීලිත්වයෙන් අපද අවධාරණය කරමු. එයට ප‍්‍රධාන හේතුව සිංහල බෞද්ධ ප‍්‍රජාව ස්වභාවයෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයකින් යුත්, මානව හිතවාදයෙන් යුත් යහපත් ගතිපැවැතුම්වලින් සමන්විත සමාජයක් වීමයි. සිංහල ප‍්‍රජාව ලොව කොතැන ජීවත් වූවත් මෙම ස්වභාවයන් ඔවුන් තුළ අපි දකින්නෙමු. මෙම යහපත් ගුණාංගවලින් ඔවුන් ඈත් වෙන්නේද නැත.

තවත් හේතුවත් නම්, සිංහල බෞද්ධ සමාජය මෑත කාලයේදී බොහෝ බාධකවලට මුහුණ දී තිබීමයි. කොටින්ට එරෙහි යුද්ධයේදී ත‍්‍රිවිධ හමුදාව ජය ලබාදුන්න ද වෙනත් බලපෑම් බොහෝ මයකින් සිංහල බෞද්ධ සමාජයට තවමත් මිදීමට නොහැකි වී ඇත. සිංහල සමාජය ඉදිරියේ ඇති අභියෝග බොහෝය. එම අභියෝග ජය ලබාගැනීමට කටයුතු කරන්නන් එම සමාජයේ සැබෑ ආරක්‍ෂකයින් ය.

මත් රකුසා සහ නොයෙකුත් ජීවන පීඩා නිසා ඇතිවන අසහනකාරිත්වය හේතුවෙන් සිය දිවි නසාගැනීම්, පවුල් ආරවුල්, මිනිස් ඝාතන, පවුල් බර කළමණාකරනය කරගැනීමේ අපහසුතා නිසා සැමියා හෝ බිරිඳ රට රැකියාවකට යායුතු වීම, එම නිසා පවුල් සංස්ථාවේ ඇතිවන අහිතකර තත්ත්වයන්, පවුල් ජීවිතය බිඳ වැටීම,අධ්‍යාපන හා රැකියා ගැටලූ නිසා විවාහ වීමේ වයස ප‍්‍රමාද වීම, සැමියා හා බිරිඳ රැකියාවලට යාම නිසා දරුවන් හදා වඩාගැනීමේ දුෂ්කරතා සහ ඒ පිළිබඳ ඇති නොකැමත්ත වැනි හේතුන්වලට අමතරව ජීවිතයේ සියලූ අංශවල වේගයෙන් වර්ධනය වන බටහිරකරණය නිසා සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇතිවෙන වෙනස්කම් වැනි බොහෝ කරුණු ගෙනහැර දැක්විය හැකිය.

මෙවැනි ගැටළු රාශියකට විසඳුම් සෙවිය යුතු නායකයින් බලලෝභය නිසාම මෙම ප‍්‍රශ්න කෙරෙහි දක්වන්නේ අල්ප සැලකිල්ලකි. ඇතැම් විට රටේ ණය බර සහ පාඩු විඳින රාජ්‍ය ආයතනවල මුල්‍ය පාඩුවද දරාගැනීමට සිදුවී ඇත්තේ ජනතාවටමය. මේ හේතුවෙන් බදුබර දරාගත නොහැකිවීම හා අධික බඩු මිළ නිසා ජනතාව දිගින් දිගටම පීඩා විඳිති.

මෙවැනි ගැටළු සිංහල ප‍්‍රජාවට පමණක් සීමාවූවක් නොවේ. දෙමළ, මුස්ලිම් ප‍්‍රජාවන්ටද පොදුය. ඉකුත් කුරීරු යුද්ධය නිසා මෙම ප‍්‍රජා තුනම එකසේ පීඩාවිඳි බවද අපි දනිමු.

මෙවැනි ප‍්‍රශ්නවලින් ජනතාව මුදවාගන්නට අපොහොසත් නායකයින් ජනතා අසහනය වෙනත් දිශාවකට හැරවීම සඳහා ප‍්‍රජාවන් අතර හටගන්නාවූ ප‍්‍රශ්න සාවධානයෙන් බලාසිටිනවා විය හැකිය. සත්‍ය වශයෙන්ම අධමයන් වන්නේ විවෘතව අයහපත් කි‍්‍රයාවල යෙදෙන්නන් පමණක් නොව හැකියාව තිබියදීත් ඒවා විමර්ශනය කර මැඩ පැවත්වීමට කටයුතු නොකරන්නන්ද එම ගනයටම වැටෙනු ඇත. එක්කෝ ඔවුන් අයහපතට වක‍්‍රව සහයෝගය දෙති. නැතහොත් නිහඬව සිටීමෙන් අයහපත අනුමත කරති.

සිංහල ජනතාවනි!

එදිරිවාදිකම්, ක්‍රෝධය, ජාතිවාදය, ද්වේශය, වෛරය වැනි මේ සියල්ල සිත්සතන්වල මොලවන ලද ගින්දර වැනිය. සෙනෙහස, මානව හිතවාදය, සහෝදරත්වය වැනි කරුණු මිනිස් සිත්වල ඇති රෝග නිවාරණය කරන ඖෂධ වැනිය. එම නිසා අහිංසක සිංහල ජනතාවගේ සිත්වල ගිනි මෙලවීමෙන් වලකින්න. එම ගින්න අනුන් පිළිස්සීමට මත්තෙන් තමන්ව පිළිස්සීමට සමත්වේ. අවශ්‍ය නම් ඔබට මුස්ලිම්වරුන්ගේ ආර්ථිකයට යම් බාධාවක් ඇති කළ හැකිය. ආර්ථිකයේ එක් දොරක් වැසීමේදී තවත් දොරක් විවෘත කරගැනීමට ඔවුන් සමත්වනු ඇත.

1983 ජූලි කලබලයේදී දෙමළ ජනතාවගේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කරගන්නා ලදී. එහි ප‍්‍රතිඵලය කුමක් වීද? එක් පැත්තකින් රටට අපකීර්තිය, තවත් පැත්තකින් දෙමළ ජනතාව තම මාතෘ භූමිය අතහැර ලොව නන්දෙස තම ජීවනෝපාය සොයාගත්හ. ඇත්තෙන්ම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය බිඳවැටුනේ නැත. වර්තමානයේ ලොව බලවත් රාජ්‍යවල සහයෝගයෙන් ශී‍්‍ර ලංකාවට විරුද්ධව කටයුතු කරන මාහා ඩයස්පෝරාවක් ලෙස ඔවුන් වර්ධනය වී සිටිති. එපමණක්ද නොවේ, රටට මහා විනාශයන් ගෙන දුන් තිස් අවුරුදු යුද්ධයට භෞතික වශයෙන් හා මානසික වශයෙන් කොටි හමුදාවට උදව් කළේ ඔවුන්ය. ශී‍්‍ර ලංකාව ඉතිහාසය පුරාම මෙවැනි ලාමක වැඩවලින් හොඳට හෙම්බත්වී ඇත. ඒවායින් අපට ඉතුරුවුනේ යහපතක් නොවේ. එහෙයින්, විරුද්ධාකල්ප, ක්‍රෝධය, ද්වේශය, ජාතිවාදය වැනි ගිනිපුපුරු කවදාවක් අප දේශය යහපත් අතට ගෙනයන්නේ නැත. සාවධානයෙන් සිතා බැලූවහොත් මෙය අවබෝධ කරගැනීම දුෂ්කර නොවේ.

තමන්ට විරුද්ධව මෙරටේ සිදුවන දුර් ප‍්‍රචාරයන් දෙස බලන මුස්ලිම්වරුන් එවැනිම ආකාරයේ විරෝධතාවයක් දැක්විය යුතුය යන්න මුස්ලිම් විරෝධී ප‍්‍රවනතාවය උසිගන්වන්නන්ගේ අරමුණ විය හැකිය. එහෙත් ආගමේ නාමයෙන් ද්වේශය පතුරවා මුස්ලිම් ප‍්‍රජාවගේ සිත්තුළ ජතිවාදී ගින්න මොලවා ඔවුන් විනාශ මුඛයට යැවීමට මුස්ලිම් ආගමික නායකයින් කොහෙත්ම සූදානම් නැත. වෙනදාටත් වඩා සහජීවනය, මනුෂ්‍යත්වය, සෙනෙහස පතුරුවාලීමට වර්තමානයේ ඔවුන් කටයුතු කරති. ඔවුන්ගේ අදහස්වලට සවන් දුන් මුස්ලිම් ප‍්‍රජාව ඉවසීමෙන් සහ සංවරයෙන් කටයුතු කිරීම දැකගත හැකිය.

මුස්ලිම්වරුන් මෙයින් පැහැදිළි සත්‍යයක් අවබෝධ කරගෙන සිටිති. සමාජයක පැවැත්ම හා විනාශය රඳාපවතින්නේ එම සමාජයේ සංකල්ප, සාරධර්ම, උසස් කි‍්‍රයා කලාපවල ජීවිතය හා මරණය මතයි. සමාජයක් තුළ උසස් සංකල්ප හා සාරධර්ම තම මතු පරම්පරාවට පවරා නොදී කෙටිකාලීන අරමුණු වෙනුවෙන් එදිරිවාදිකම් ක්‍රෝධය හා ජාතිවාදය වපුරන්නේ නම් එය තම පරම්පරාවම විනාශ කිරීමට කටයුතු කිරීමකි.

සිංහල ජනතාවනි!

ඔබේ ප‍්‍රජාව මෙවැනි ඉලක්කයක් කරා ගෙන යනු ලබන්නේදැයි සිතන්න. මෙය ජාතිය ආරක්‍ෂා කරනවා යැයි කියා එය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් විය හැකිය. සිංහල සමාජය ආරක්‍ෂා කිරීමටත් එය දියුණු මාවතේ ගෙන යාමටත් කි‍්‍රයාමාර්ග සොයන්නේ නම් ජපානය දෙස බලන්න; තුර්කිය දෙස බලන්න. ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂය හෝ ශිව සේනාව දෙස නොබලන්න.

සිංහල ජනතාවනි!

අප කවදාවත් ඔබට හිතකර ලෙසම ජීවත් වෙමු. ඔබ අප සමග කල්ගෙවන ආකාරය ඔබ තීරණය කරන්න. මෙම තීරණය පිළිබිඹු කරන සිද්ධියක් මගින් මේ ලිපිය අවසන් කරමි.

මුස්ලිම් වෙළඳ සැලකින් භාණ්ඩ මිළදී ගන්නා සිංහල කාන්තාවක් මෑතකදී කිසියම් භාණ්ඩයක මිළ අඩු කරන මෙන් අවධාරණය කළාය. එම මිළට දිය නොහැකි බව කඬේ අයිතිකරු කී නිසා මිළදී ගත් සියළු භාණ්ඩ ආපසු දී කෝපයෙන් හලාල්පිළිබඳ වචන කීපයක් දොඩමින් පිටත්ව ගියාය. මුදල් පසුම්බියද අයත් අත්බෑගය ගෙනයාමට ඇයට අමතක වී ඇත.

පැය කිහිපයකින් පසු නැවත පැමිණි එම කාන්තාව තමන්ගේ බෑගය ගැන විමසා ඇත. එහි රු. 48,000 ක් තිබෙන බවත් කියා ඇත. මම ඒ ගැන කිසිවක් නොදනිමියැ’’ යි කීමට එම කඩ හිමියාට අවස්ථාව තිබුණි. එසේ නොකළ එම පුද්ගලයා මුදල් පසුම්බිය ආපසු ලබාදී පහත කරුණද කියා සිටියේය.

ඔබ බඩු මිළ අඩු කරන්න කියා බල කළා. එයින් ලැබෙන ලාබය තමයි මට හලාල්’ (අනුමත) වන්නේ. මෙම රු. 48,000 ඔබට අයිති මුදලක්. මෙය මට හලාල් නොවේ. හරාම්’ (අකැප) ය. ඉස්ලාමීය ප‍්‍රතිපත්තියට අප ගරුකරන නිසා තමයි ඔබේ මුදල් ආරක්‍ෂා සහිතව ආපසු ලැබුණේ. ඔබේ බෑගය මෙහි නොතිබුණු බව මා කිව්වේ නම් ආපසු යනවාට වඩා යමක් ඔබට කළ නොහැක. තේරුම් ගන්න නෝනා! මුස්ලිම්වරුන්ගෙන් ඔබට කිසිම හානියක් සිදුවන්නේ නැත.’’

සිංහල ජනතාවනි!

මුස්ලිම්වරුන්ගේ හලාල්ඔබට බලෙන් නොපටවමු. හලාල් පමණක් නොව, කිසිම දෙයක් ඔබට අප බලකරන්නේ නැත. මෙම හලාල්, මුස්ලිම්වරුන්ගේ අසාධාරණකම්වලින් ඔබව නිශ්චිතවම ආරක්‍ෂා කරයි. ඔබට කිසිම හානියක් එයින් සිදුනොවේ. එහෙත් ඔබෙන් පිරිසක් පතුරුවා හරින බොරු බේගල්, එදිරිවාදිකම් හා ජාතිවාදය මුස්ලිම්වරුන්ව අසාධාරණයෙන් බේරා ගනීද?

ඔබෙන් අපටත් අපෙන් ඔබටත් යහපත් ජීවිතයක් ලැබේවා යැයි ප‍්‍රාර්ථනා කරමි.

උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර්
සභාපති, ශ්‍රී ලංකා ජමාඅත් - ඒ- ඉස්ලාමි

உங்கள் கருத்து:

0 comments:

Post a Comment

என்னை ஊக்குவியுங்கள்...

Related Posts Plugin for WordPress, Blogger...