"பணம் இருந்தால் உனக்கு உலகைத் தெரியாது. பணம் இல்லாவிட்டால் உலகுக்கு உன்னைத் தெரியாது. இதுதான் உலகம்."

13 January 2013

හලාල් සහතිකය සඳහා අය කරන මුදල් ත්රස්‌ත සංවිධානවලට ලබා දෙන්නේ නැත

සමස්ථ ලංකා ජමියියතුල් උලමා

හලාල් සහතිකය ලබා ගැනීමට සමස්ථ ලංකා ජමියියතුල් උලමා අය කරන මුදල් ජගත් ත්‍රස්ථ අරමුදලට ලබා දෙන බවට නගා ඇති චෝදනාව ඔප්පු කරන ලෙස අබියෝග කරන්නෙමු. මිනිසුන් උද්වේගයට පත්කිරිම සඳහා මෙවන් මුසාවාද ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

හලාල් (අනුමත) සංකල්පය පිළිබඳව මෙවන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හෙළිදරවූ කර ඇත්තේ මෙම විශය පිළිබඳව නොදැනුවත් බව මිස අන් කිසිවක් නොවේ. හලාල් හෝ අනුකුත් ඉස්ලාමිය ප්‍රශ්ණයන් පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර අප සමග සම්බන්ධ වී කරුනු පැහැදිළි කර ගැනීම සුදුසු යැයි සිතෙනෙමු.

හලාල් සහතිකය ලබා ගැනීම සඳහා අය කරන ප්‍රමාණයන් විස්තර පහතින් ලබා දී ඇත්තෙමු. අපගේ ගිණුම් රජයේ නීති රීති වලට අනුකුලව නිවැරදිව පවත්වාගෙන යන අතර ඒවා වාර්ෂිකව විගණනය කොට සහතික කර ඇත. මේ කිසිවක් රහස් ලෙබණ නොවන අතර මෙය පරික්ෂා කර බැලීම සඳහා අප කාර්යාලය වෙත ක්‍රමාණුකූලවපැමිණ එම කරුණ ඉටු කර ගත හැකි බව ප්‍රකාශ කරන්නෙමු.

හලාල් සහතිකය සඳහා ගාස්තු අය කිරීමක් ඇයි?

සේවයක් ලබා ගැනීම සඳහා ගාස්තුවක් ගෙවීම අවශ්‍ය බව අප සැම දෙන්නෙමු. මෙම ගාස්තුව අය කරන්නේ එම සේවාව ලබා දෙන ආයතනයට හෝ සංවිධානයට ඇති සේවා මණ්ඩල වැටුප් ඇතුළු අනේක වියදම් හා පිරිවැය පියවා ගැනීම සඳහාය.

ප්‍රමිතියක් සඳහා සහතික ලබා දෙන සෑම ආයතනයට මෙන්ම හලාල් සහතිකය නිකුත් කරන අප ආයතනයටද කළමනාකරණ වියදම් බොහෝ ඇති බව වෙසෙසින් කිව යුතු නැත.  භාණ්ඩ සඳහා ප්‍රමිති සහතිකය, නිෂ්පාදන පද්ධතිය සඳහා වන සහතිකය, අවදානම් කලමනාකරණය සඳහා වන සහතිකය යනාදිය නිකුත් කරන විට යටිතල පහසුකම්, සන්නිවේධනය, ගමනාගමනය, මානව සම්පත්, විශේෂඥ හා උපදේශන ගාස්තු යනාදී ලෙසින් මෙම ක්‍රියාවලියට අදාල වියදම් රාශියක් ඇත.

හලාල් අංශයේ මව් සංවිදානය වන සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සංගමට කොළඹ ප්‍රධාන කාර්යාලයක් ඇති අතර එහි අදාල විද්වත්න් කණ්ඩායමක් මෙන්ම පරිපාලකයන්, ආහාර විද්‍යාඥ්‍යයින් (food technologist), ගිනුම්කරුවන්, ආදීන් සේවයේ යෙදී සිටිති. එමෙන්ම හලාල් සහතික ලත් කර්මාන්තශාලා හා පාසිරුම් මධ්‍යස්ථානවල නිෂ්පාදන ක්‍රියාදාමයන් හලාල් නිර්දේශවලට අනුකුලව සිදු කරනු ලබන්නේදැයි අධීක්‍ෂණය කරන්නන්ද විශාල සංඛ්‍යාවක් අප විසින් පත් කර ඇත. එසමගම එම කියාදාමය නිරීක්‍ෂණය කිරීම සඳහා වසර පුරා දිවයිනේ නන් දෙසට කිලෝමීටර දහක් ගණනක් සංචාරය කරන නිරීක්‍ෂකයන්ද සිටිති. එමෙන්ම අපගේ ප්‍රකාශන හා මාධ්‍ය කටයුතු මෙනම විමසිම් සඳහා පැහැදිලි කිරීම් ලබා දීම සඳහා වන පාරිභෝගික සහය සේවාවක්ද නිරන්තර්යෙන්ම පවතියි. මේ සැම දෙයක් සඳහා පැහැදිලි කිරීම් ලබා දීම සඳහා  වන පාරිභෝගික සහය සේවාවක්ද නිරන්තරයෙන්ම පවතියි. මේ සැම දෙයක් සඳහා වන වියදම්ද බොහෝ ඇත.

මෙම අය කිරීම් ඉහත සඳහන් වියදම් පියවීමට මිස දේශීය හෝ විදේශීය වෙනත් අරමුණු සඳහා උපයෝගී නොවන බව ඉතාමත් පැහැදිළි කරුණකි. කෙසේ වෙතත් අපගේ සියලුම ගිණුම් පිළිගත් විගණකාධිවරුන් විසින් විගණනයට ලක් කර ඒ සම්බන්ධ වාර්ෂික වාර්තා පවත්වාගෙන යන අතර යම් අයෙකුට මේ පිළිබදව යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, ඒ පිළිබදව සාකච්චා කිරීමට අප සූදානම්ව සිටින්නෙමු.

මේ සියලුම වියදම් අතර වුවද ලාභ අරමුණු නොමැති සංවිධානයක් ලෙසින් හා අප කරමින් සිටින පොදු ජන මෙහෙවරේ වැදගත්කම මනාව වටහා ඇති සංවිධානායක් හැටියට, අපගෙන් හලාල් සහතික ලබා ගන්න කර්මාන්තශාලා හා සමගම්වලට ඇති විය හැකි මුල්‍යමය අසීරුතාවයන් හැකි පමණ අවම කරමින් ඒ අනුව හලාල් සහතිකය් වෙනුවෙන් වන ගාස්තු ව්‍යුභය ඉතා දැරිය හැකි මට්ටමකින් පවත්වගෙන යන්නේමු.

ව්‍යාපාරික සමාගම්වලින් අප ගාස්තු අය කරන්නේ කෙසේද?

ගාස්තු අය ක්‍රමය සම්පාදනය කරන විට සමාගම් මෙන්ම පරිභොගිකයන් ගැන අප ඉතාමත් සැලකිල්මත් වන්නෙමු. දැන්ට පවතින් අපගේ අය ක්‍රමය සකසා ඇත්තේ බහුජාතික දැවැන්ත සමාගම්වලට පමණක් නොව, කුඩා කර්මාන්තශාලා හිමි මධ්‍යම හා සුළු ප්‍රමාණයේ සමාගම්වලට මෙනම ඒ අනුව පරිභොගිකයනටද හෝ කිසිදු බරක් නොද්නෙන් පරිදිය. පහත දක්ක ඇති වගුවෙහි අපගේ අය ක්‍රමය හා ඒ අනුව නිමි භාණ්ඩයට එයින් ඇති වන බලපෑම් කෙතරම් ක්‍ෂද්‍ර දැයි කෙනෙකුට වටහා ගත හැකිය.

ඉහත සඳහන් අයකිරීමේ සටහනට අනුව මිස අන් කවර ක්‍රමයකින්වත් ගාස්තුවක් අය නොකෙරෙන බව අප ස්ථිර කරන්නෙමු. හලාල් නිෂ්පාදන 4000ක් සඳහා වර්ෂිකව එක් නිෂ්පාදනයකට රු. 175,000/-ක් අය කරනු ලැබෙන බව හෝ සමාගමක අවසන් ලාභාංශයෙන් යම් ප්‍රතිශතයක් අය කරනු ලබන බවට‍ නගා ඇති චොදනා කිසිම පදනමක් රහිත වන බව ස්ථිරවම තරවුරු කරන්නෙමු.

යමෙකුට මේ පිළිබඳව සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය වන අපෙන් පමණක් නොව අප ආයතනයෙන් සතනික ලත් ඕනෑම සමාගමකින් ද විමසා බැලිය හැක.

හලාල් සහතික සමාගම්වලට බරක්ද?

ඉහත දක්වා ඇති නිදසුන් හත දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ සෑම අවස්ථාවකම භාණ්ඩයේ මිලෙහි හලාල් සහතිකයේ ගාස්තුව නියෝජනය වන ප්‍රමාණය කිසිසේත් පරිභෝගිකයාට නොදැනෙන බව පැහැදිලිවම වැටහී යයි. එමෙන්ම තමන්ගේ නිෂ්පාදන ධාරිතාවය කිසිදු සමාගමක් තත්ත්වාකාරව හෙළි නොකරන හෙයින් ඉහත නිෂ්පාදනවල සංඛාවන් නියත වශයෙන්ම තවත් වැඩි වන අතර එවිට හලාල් සහතිකය සඳහා වන ගාස්තුව ඉහත ප්‍රකාශීත අගයන්ටත් වඩා තවත් අඩු වන බව පැහැදිළි කරුණකි.

මෙම සරල පැහැදිළි කිරීම් අනුව හලාල් සහතිකය ලබා ගන්නාට හෝ අවසන් පරිභෝගිකයාට එයින් ඇති වන වෙනස නොදැනෙන හා නොහැගෙන් තරම්ය.

වත්මන් ව්‍යාපාර ලෝකයේ තරඟකාරී  වාතාවර්නයෙහි විජයග්‍රාභීව රැඳ සිටිමින් වැජඹෙන්නට වෙළඳපල හා පරිභෝගිකයා ඉල්ලා සිටින සියලුම ප්‍රමිතීන් හා ගුණාත්මභාවයන් ලබා දීමට සමාගම් නිරන්තයෙන්ම් සුදානම්ව සිටිති. වෙළඳ ප්‍රචාර, විශේෂ දීමනා, වට්ටම්, තරඟ හා තෑගි ප්‍රදානයන්,පරිභෝගික විදෙස් සවාරි වැනි දේ සඳහා ඔවුන් විශාල වශයෙන් මුදල් වැය කරන්නේ මේ හේතුව නිසාය. එමෙන්ම ISO, SLS, HACCP වැනි තත්ත්ව සහතික ඔවුන් ලබා ගන්නේද ඒවාට ඇති අභිමානය නිසා නොව සිය අලෙවිය හා ලාභය වැඩි කරමින් කෙෂ්ත්රයේ කාර්යක්ෂමව සදාකල් රැදී සිටිමට ඒවාට දායක වීම අනිවර්ය යයි ඔවුන්ට පෙනී ගිය හොයිනි.

කෙටියෙන් කිවහොත් ව්‍යපාරික සමාගම් කිසිදු ක්‍රියාවක් ලාභ අරමුණු නොමැති නොකරති. වත්මන් හලාල් සහතිකය ලබා ගැනීමටද ඔවුන් වැඩිවැඩියෙන් උනන්දු වන්නේ එයින් ඔවුන්ගේ අලෙවිය හා ලාභය වැඩි වන බව වටහා සිටින හෙයිනි.

හලාල් සහතික ලබා ගැනීම නිසා සමාගම්වලට අත්වන වාසි ඇතැමක් පහත විස්තර කර ඇත.

# හලාල් ආහාර පාන හා අනෙකුත් භාණ්ඩ වලට විදෙස් රටවල වැඩි වෙමින් පවතින ඉල්ලුම සපුරා, සිය අපනයන අලෙවිය වැඩි කර ගත හැකි වීම. (ලොව හලාල් වෙළෙඳාම වසරකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන් 2.6 ක් උපයන අති දැවැන්ත වෙළඳපළක් බවට පත්ව ඇති බව ජගත් හලාල් සම්මේළනය ගණන් බලා ඇත)

# හලාල් ආහාර පාන ඉල්ලා සිටින දේශිය පරිභෝගීකයන්ට පමණක් නොව මෙහි එන විදෙස් සංචාරකයන් අතර හලාල් ඉල්ලා සිටින්නන්ටද තම නිශ්පාදන අලෙවි කළ හැකි වීම.

# ශත ගණනක් පමණක් වැය කිරීමෙන් ලොව පිළිගත් ප්‍රමිතියක් තම භාණ්ඩවලට එක් කර ගැනීමට හැකි වීම.
අප මෙතෙක් ඉදිරිපත් කළ කරුණු අනුව සුළු මුදලක් වැය කර වෙළඳ සමාගම් ලබා ගන්නා හලාල් සහතිකයෙන් ලැබෙන වාසි දේශ සිමා පසුකර යන්නක් බව හා එය අති දැවන්ත් වාසි ලබා දෙන නැණවත් පියවරක් බව කාටත් වැටහෙනු ඇත. හලාල් සහතිකයෙන් සිදු වන්නේ සමාගමක අලෙවි පරාසය තවත් පුළුල් වීම හා සමාගම් තව තවත් දියුණුව හා ලාභය ලැබීම මිස, ඔවුන්ට එයින් කිසිදු පාඩුවක් ඇති කෙරෙන්නේ නැත.

හලාල් සහතිකය පරිභෝගිකයාට බරක්ද?

සමාගමකට බරක් නොවන දෙයක් පරිභෝකියාට බරක් විය නොහැකි බව පුන පුනා කිව යුතු නොවේ.

වැඩි වෙමින් පවතින ජිවන වියදම නිසා තත්ත්ව සහතිකයකට හෝ කිසිදු දෙයකට වැඩිපුර මුදලක් නිකරුණේ වැය කිරීමට අද පරිභෝගිකය කොහෙත්ම කැමති නැත. සමාගම්ද සිතනුයේ මෙම දෘශ්ඨිකෝනයෙන්මය. එනම් අනවශ්‍ය යැයි ඔවුන් සිතන සහතිකයකට ඔවුන් මුදල් වැය කරන්නට කිසිසේත් ඉදිරිපත් වන්නේ නැත. පරිභෝගිකයාට බරක් වනු ඇත යැයි හෝ සිය තරගකාරීත්වයට හානියක් වනු ඇත යැයි සමාගමක් සිතන වැයක් ඔවුන් අන් ස්වරුපයකින් යටපත් කරගනු මිස එය පරිභෝගිකයාට නොයවන්නට වග බලා ගනීත.

වත්මන් ව්‍යපාර ලෝකයේ උක්ත කරුණු ගැන සමාගම් ඉතාමත් සැලකිලිමත් වන අතර, භාණ්ඩයක අවසන් මිල තීරණය වන්නේ අමුද්‍රව්‍ය, ශ්‍රමය, රජයේ බදු, ආයතනික පිරිවැය, වෙළදපළ ප්‍රවණතාවයන් යනාදී කරුණු සැලකීල්ලට ගනිමිනි. සමාගම් කවදත් මිල පිළිබද හෝ ඔවුන්ගේ නිෂපාදන සඳහා වන සහතිකයක් බාහිර ආයතනයකින් ලබා ගන්නේ නම් එය කළ යුතුමද යන කරුණු තීරණය කරන්නේ ඉතාමත් බැරෑරුම් ලෙසින් එම කරුණුවලට අදලා සාධක විධායක හා අධක්‍ෂ මට්ටමින් තීව්‍රව සලකා බලා හා තර්ක විතර්ක සසඳා බැලීමෙන් පසුවය.  තවද එයින් පමණක් සෑහීමට පත් නොවී, මේ සඳහා අවසාන නිගමනයකට ඔවුන් එළඹෙන්නේ විශාල ප්‍රමාණයේ මුදල් හා සම්පත් වැය කරමින් වෙළදපළ සමික්‍ෂණද පවත්වා එහි ප්‍රතිඑල සමාලෝචනය කිරීමෙන්ද පසුවය.

உங்கள் கருத்து:

0 comments:

Post a Comment

என்னை ஊக்குவியுங்கள்...

Related Posts Plugin for WordPress, Blogger...